දිනය : 2017’10’20
ජන සංගීතය 


  • විමසුමට පෙර අතීතාරමභයක්’’’’’’’’’’

ශී‍්‍ර ලංකාවෙි ජන සංගීතය පිළිබඳ විමසීමෙි දී එයට දීර්ඝ කාලීන ඓතිහාසික පදනමක් පවතියි. සංගීතය පිළිබද විමසීමෙ‘ දිී  එය මානවයාගේ පරිණාමයත් සමග දිව යන්නකි.
මුලින් ම ධ්ව්නි්ය ඔස්සේ ධ්වනි අනුකරණය නැතහොත් කටින් සතුන්ගේ හඩවල් උපයෝගි කරමින් සතුන් දඩයම කරන ලදි. මෙම ධ්වනිය විවිධ කාර්යයන් සදහා යොදා ගන්නා ලදි. එනම් සන්නිවේදනය,ආහාර සොයා ගැනීම වැනි කාර්යයන් සදහා මිනිසා විසින් ධ්වනි උත්පාදකයන් (පරිසරයේ ඇති සත්ත්ව සාධක, ඇට කැබලි, පාෂාණ පතුරු)  යොදා ගෙන ඒ හරහා සංගීත භාණ්ඩ නිෂ්පාදනය කරන්නට  විය. මෙසේ විවිධ වු සාධක හා කි‍්‍රයාමාර්ග ඔස්සේ ක‍්‍රම ක‍්‍රමයෙන් මිනිස් ශිෂ්ටාචරය ද විකාශනය විය. මිනිස් ශිෂ්ටාචරය ආරම්භ වුයේ යම් දිනකද එදා සිට මේ දක්වා සංගීත පරිණාමය ද සිදුවන්නට විය. එහදී මානවයා මුහුණ දුන් ප‍්‍රධාන කරුණු කිහිපයකි.
   
x රැකියාව
x ආරක්ෂාව
x තම වර්ගයා ව්‍යාප්ත කිරීිම
x සමාජ සංවිධානය
x මරණය     
    ඈත අතීතයේ පටන් මෙම මුලික සෑම කටයුත්කදී ම ඒ ඒ විෂයන්ට ආ‍වේණික  සංගීතයක් හෝ කි‍්‍රයා පිළිවෙතක් භාවිතා කරන ලදි. එය ජනයා විසින් ජනයා උදෙසා ජනයා අතර ම පවතින සංගීතයක් විය.


  • ගැමි කවිය ජන ගීතයක් වූ වගයි.....................


   ගැමි ජනතවගේ ජීීිිිවන රටාව පදනම් කර ගනිමින් ඒ හා බැදී පවතින එක් ප‍්‍රබල ප‍්‍රකාශන මාධ්‍යක් ලෙස ජන කවිය හැදින්විය හැකිය. ඔවුන්ගේ දෛනික ජීවන රටාව හැඩගැසුණේ රිද්මයානුකුූලව ය. ඔවුන් ජීවත් වූයේ පරිසරය හා බැදුනු ස්වභාදහමත් සමගය.ඔවුන් ඉර හඳ,අව්ව වැස්ස,හෙණ හඬ වැනි සොබා දහමේ සිදුවීම් යථාර්ථයෙන් තේරුම‘ ගැනීමට තේරුම‘ ගැනීමට අපොහසත් විය’ඔවුන් විශ්වාස කරන ලද්දේ ජන ජීවිතය සැපවත් කිරීිමට ස්වභාදහමේ ඇති වස්තූන්ගේන් කිසියම් බලපෑමක් ඇති බවයි. එහිදිී ඔවුන් ගහ කොළ,ඉර හද වැනි වස්තූන් වන්දනා කරන ලදි. වැස්ස වළාහක දෙවියන්,සද දෙවියන්,පොළෝ දෙවියන්, මහී කාන්තාව ආදි විවිධ වූ දෙවියන්ගෙන් ආශිර්වාදය ලබා ගැනීමත් කන්නලව් කිරීමත් සිදු කරන ලදි. තවද අදෘශ්‍යමාන විවිධ යකුන් හා භූතයන්ට ද වැදුම් පිදුම් කරන ලදි. දෙවියන්ට යකුන්ට යාග හෝම, වැදුම් පිළිවෙත් කිරීිමෙන් ලෙඩ  රෝග දුරුවන  බව ඔවුන්ගේ විශ්වාසයයි. මෙසේ මොවුන් කන්නලව් කළේ සිත් පිනවන ආකාරයෙනි. කන්නලව් නිරායාසයෙන් ම ඇඳ පැඳ ළෙලවා කෙරෙන ගායනයක් බවට පත් විය. එසේ රිද්මයානූකූල ව නිර්මාණය වී හඬ උස් පහත් කරමින් ගැමියන් විසින් ගයන ලද කියමන් නාද වර්ණ සංයෝගයෙන් විචිත‍්‍රවත් ව එමගින් ගායන ක‍්‍රමයක් නැත්නමි ගායන ශෛලයක් බිහි වන්නට විය.                     
සිංහලයන්ගේ ජාතික අනන්‍යතාව සහිත මිහිරිලෙස හඬ හැසිරවීමේ ශිල්පීය කුසලතාවක් ඔවුන් නොදැනුවත්ව ම ජන ගායනා තුළින් ප‍්‍රනාශයට පත් විය. මෙලෙස ගායන ලද ගැමි කවි පසු කාලයක දී ජනතාව අතර භාවිතයට පත් වූයේ ජන ගීත වශයෙනි.


                   ලංකාවේ ජන ගී වර්ගීකරණය සේ ගී හා ගැමි ගී ලෙස වර්ග කළ හැකි වන්නේය.


සේ ගී : උගත් වියතුන් පඩිවරැන් විසින්  නිර්මාණය කරන ලද ගී, සේ ගී ලෙස දැක්විය හැකිය.
            නිදර්ශන කිහිපයක් ලෙස වන්නම හටන්,සංදේශ වැළපුම් වැනි නිර්මාණ දැක්විය හැකිය.

ගැමි ගී: ගැමියා විසින් ගැමියා උදෙසා නිර්මාණය කරන ලද ගී ලෙස දැක්විය හැකිය. මෙය 
              මෙහෙ ගී ශාන්තිකර්ම ගී කෙළි ගී ලෙස නැවත බෙදා දැක්විය හැකිය.ගැමි ගී නැවත මෙහෙ                            ගී,ශාන්ති කර්ම ගී,කෙළි ගී ලෙස දැක්විය හැකිය.

මෙහෙ ගී : කිසියම් වූ මෙහෙයක් මත පදනම්ව නිර්මාණය කරන ලද ,ගැමියා විසින් නිර්මාණය
                   කර ගන්නා ලද ගී මෙහෙ ගී නම් වේනෙ.ගොයම් නෙළීීීම,පැල් රැකීම.පාරු 
                   පැදීම,බඹර කැඩීම වැනි කාර්යයන් මේ සඳහා නිදසුන් වේ.’ ඒ ආශි‍්‍රතව ගොයම්
                   කවි,පැල් කවි,පාරු කවි,බඹර කවි ආදී ගී රැසක් බිහිවන්නට විය.

ශාන්තිකර්ම ගී : කිසියම් වු සෙත් ශාන්තියක් පතා ඇදහිලි විශ්වාස මත ගැමියා විසින්
                     නිර්මාණය කරන ලද ගී ශාන්තිකර්ම ගී ලෙස නම්ක ළ හැකිය.   
                      නිදර්ශන ලෙස උඩරට පහතරට සබරගමු තුන් සරණේ ආදිය දැක්විය හැකිය.........


කෙළි ගී         : ජන  කී‍්‍රඩා සමග බැදුණු ගැයුනු ගී කෙළි ගී යනුවෙන් හදුන්වන ලදි.
                      නිදසුන් ලෙස පනා හැංගීම,ළී කෙළි,ඔළිඳ කවි,ඔංචිලි වාරම්,ටීකා සී පද
                     ආදිය දැක්විය හැකිය..........

https://www.youtube.com/watch?v=clQCg3trk3s
https://www.youtube.com/watch?v=Uql4zWYBiy0
https://www.youtube.com/watch?v=PCSRFbcd1HI

Comments

Post a Comment

Popular posts from this blog