ජන ගීය ආශ්‍රිත තනු නිර්මාණය ........

           කිසියම් ජන ගායන චාරිත්‍රයක් සමාජයක බිහි වන්නේ වැදගත් සමාජ අවශ්‍යතාවක් හේතු කොට ගෙනය. ඒවා විඩාව සංසිදවීමට හෝ වින්දනයට පමණක් හෝ සීමාකර තැබීම සාදාරණ නොවේ. ජන සංගීතය පදනම් කොටගෙන නිර්මාණය සිදු කිරීම තුළින් දේශීය සිංහල සංගීතයක් ගොඩ නංවාගත යුතුය. මෙහිදී ගීත ගැන වැඩි සැලකිල්ලක් දැක්විය යුතු වේ. 
 
          '' නුතන නව නිර්මානාත්මක ගීත කෙරෙහි ඇල්මක් හා උනන්දුවක් රට තුළ ඇතිවී තිබෙන බව පෙනේ.    ඊට හේතුව අපේ ජන රිද්මය හා නාද මාලාවන් කෙරෙහි ඇති ජානමය සබදියාවයි. අඛණ්ඩ ඉතිහාසයක් පුරා දිවෙන එම නාද මාලා රිද්මය ගීතයට යොදා ගැනීම එහි ජනප්‍රියත්වට හා ප්‍රගමනයට හේතුවක් වේ.                                           ( මුනසිහ, 2008, 151 පිටුව )
 
          අපගේ සිංදුවලට දේශීයත්වයට අනන්‍ය වූ නාද රටාවන් පවතී. නමුත් නිශ්චිත වූ ස්වර ප්‍රස්ථාරකූල ක්‍රමයකින් තොරව ගැමියා විසින් මුඛ පරම්පරාගතව පැවතගෙන ඒමත් ජන කවිය කාර්යානුබද්ධ වීමත් හේතුවෙන් ජන කවියට නිශ්චිත වූ නාද රටාවක් නොතිබිණි. එසේම ජන කවියේ නාද රටා පළාතෙන් පළාතට වෙනස් වේ. ජන සංගීතය ඕනෑම සමාජයකට පොදු වින්දනාත්මක තත්වයකි. අදාළ ජන සමාජය තුලින් ම උපදිනු ලබන ජන ගීතය අදාළ ජන සමාජයෙ පමණක් නොව අනෙකුත් සමාජවල ද ජනප්‍රියත්වය දිනාගැනීමට සමත් වේ. ලාංකීය ජන ගීතයට අනන්‍ය වූ රිද්මයක් නාද රටා භාවිතයක් ඇත. මෙහිදී ජන සංගීතය පාදක කරගනිමින් නිර්මාණකරණයේ නිරතවෙන නිර්මාණකරුවා සැලකිලිමත් විය යුතු වැදගත් කරුණු කිහිපයක් ඇත. 
 
           සංගීත නිර්මාණකරුවා විසින් පද වලෙහි අන්තර්ගතයට අවශ්‍ය භාවයන් ලබාදීමේදී  සංගීතයේ නාද , වර්ණ, ශබ්ධ, ගුණ, ජාති භේද, උච්චනීච භේද යන මේවාට අමතරව වාග් විලාසය, කාව්‍යෝක්ති,භාව ප්‍රකාශන පිළිබදව අවබෝධය වැදගත් වේ. සංගීත නිර්මාණයේ දී  ගී පද වල්හි අරුතට් ආරෝපණය වීමේ හැකියාව හෙවත් සංවේදීතාව මෙන්ම නිර්මානශීලිබව අතිශයින් වැදගත් වේ. පද රචනය නිසි ආකාරව හදුනා නොගතහොත් ඔහු අතින් බිහි වන්නේ පරස්පර විරෝධී තනුවකි. එම ගීත නිර්මාණයෙ දී එහි තනුව නිසි ලෙස යොදා ගැනීමට සැලකිලිමත් විය යුතුය. ඊට හේතව වන්නේ ගීතය වූ කලි ශ්‍රවණේන්ද්‍රය මුල්කරගන්න වූවක්  වීම ය.
         නුතන සිංහල ගීතවල බොහෝ සෙයින් තනු නිර්මාණය වී ඇත්තේ උතුරු ඉන්දියානු සංගීත සම්ප්‍රදායය  ඇසුරු කොට ගෙනය. එහෙත් සිංහල ජන ගීය නොවෙනස්ව පවත්වා ගැනීමට උත්සාහ ගනිමින් නිර්මාණය කරන ලද සිංහල ගීත ඩ වරින්වර අසන්නට ලැබේ. 

        සාම්ප්‍රදායික සිංහල නාද රටාවෙන් ගැයෙන ''කුවේණි අස්න '' අනුව යමින් විශාරද නන්දාමාලිනී විසින් ගයන '' සැදෑ කළුවර කුර ගගාවිත්''ගීතය එවැනි නිර්මාණයකි. එහි ආරම්භක වාදනයත් දෙවෙනි කොටසේ ගායනයෙහි ආරම්භයත් සුළු වෙනස්කම් ඇතිව යොදාගන ඇත්තේ ඒකාකාරිත්වයෙන් මිදීම සදහා විය යුතුය.
        කුවේණි අස්න ගැයීමේදී තාලය යෙදී ඇත්තේ මාත්‍රා හතරෙන් හතරට ය. මෙම ගීතයෙහි තාලය මාත්‍රා තුන/හතර  (මැදුම් මහා දෙතිත ) වශයෙන් යෙදී  ඇත.   



       

Comments

Popular posts from this blog