නිර්මානාත්මක සිංහල ගීතයන් නිර්මාණය කෙරෙහි බලපාන ලද ජන සංගීතය......... ගීතයක පරමාර්ථය වන්නේ කිසියම් රසයක් නිපැයීම යි. එම නිශ්චිත රසය නිපැයීම උදෙසා, උපයෝගී කරගනු ලබන උපක්‍රම මත ගීතයේ විවිධත්වය ප්‍රකට කෙරේ. ගීතය ගැයිය යුතු වන්නේ උස් හඩින් ද, පහත හඩින් ද එසේත් නැතහොත් මද්‍යස්ථ හඩින් ද යන යෝග්‍යතාව අනුව පාදක ස්වරය පිහිටුවා ගත යුතු වේ. එම යෝග්‍යතාව අනුව සප්තකයේ ඕනෑම ස්වරයක් පාදක ස්වරය විය හැක. පාදක ස්වරය ඇසුරු කොටගත් සීමාවක් තුල ගීතයේ මුල් කොටස අවධාරණය කරනු ලැබේ. එය ගීතයේ පළමුවැනි කොටසයි. දෙවන කොටස පළමුවැනි කොටසට අනුරුප වන නාද රටා ඇසුරු වෙමින් පර්යාය වශයෙන් සිටී. තුන්වැනි කොටසක්, සහ අවශ්‍ය වේ නම් හතරවෙනි කොටසක් වුවද, තවත් හැඩවලින් යුත් නාද රටා ඇසුරු කොටගත්, නාද රටාවලින් යුක්ත විය හැකිය. ඒවා මුල් කොටස්වලට සහය වශයෙන් ඈදා ගනු ලබන හෙයින් සන්ධාන කොටස් වශයෙන් සිටී. මී අයුරින් නිමවෙන මුළු ගීතය පුරාම අපේක්ෂිත රස භාවයන් මතුකරමින් අවශ්‍ය තැන නැවතීම්, ඇදීම්, බිදීම්, ලේලවීම් සහිතව, නිදහස්ව සිංහල...
Posts
Showing posts from December, 2017
- Get link
- X
- Other Apps
ජන ගීය ආශ්‍රිත තනු නිර්මාණය ........ කිසියම් ජන ගායන චාරිත්‍රයක් සමාජයක බිහි වන්නේ වැදගත් සමාජ අවශ්‍යතාවක් හේතු කොට ගෙනය. ඒවා විඩාව සංසිදවීමට හෝ වින්දනයට පමණක් හෝ සීමාකර තැබීම සාදාරණ නොවේ. ජන සංගීතය පදනම් කොටගෙන නිර්මාණය සිදු කිරීම තුළින් දේශීය සිංහල සංගීතයක් ගොඩ නංවාගත යුතුය. මෙහිදී ගීත ගැන වැඩි සැලකිල්ලක් දැක්විය යුතු වේ. '' නුතන නව නිර්මානාත්මක ගීත කෙරෙහි ඇල්මක් හා උනන්දුවක් රට තුළ ඇතිවී තිබෙන බව පෙනේ. ඊට හේතුව අපේ ජන රිද්මය හා නාද මාලාවන් කෙරෙහි ඇති ජානමය සබදියාවයි. අඛණ්ඩ ඉතිහාසයක් පුරා දිවෙන එම නාද මාලා රිද්මය ගීතයට යොදා ගැනීම එහි ජනප්‍රියත්වට හා ප්‍රගමනයට හේතුවක් වේ. ( මුනසිහ, 2008, 151 පිටුව ) අපගේ සිංදුවලට දේශීයත්වයට අනන්‍ය වූ නාද රටාවන් පවතී. නමුත් නිශ්...
- Get link
- X
- Other Apps
ජන ගීය ආශ්‍රිත පද නිර්මාණය......... ගීතයක ස්වරූපය මතුවීමේ දී ගී පද රචකයා පද රචකයාගේ පද සංයෝජනය,ර්රෙතිය,ආකෘතිය හා පරිකල්පන ශක්තිය එක සේ බලපායි. සම්භාව්‍ය කාව්‍ය රචනාවන්, උපමා අලංකාර යෝජනයේ දී අනෙකුත් සාහිත්‍යවල පිහිට පැතුවේ නැත. ඔවුහු නිතරම දේශීය සම්ප්‍රද්දය ඉස්මතු වන ලෙස පද ප්‍රබන්ධ කළහ. '' ජන කවි වශයෙන් හදුන්වනු ලබන අපේ පද්‍ය කාව්‍ය සමුහය ද දේශීය සම්ප්‍රදාය ගරු කරමින් රචිත බව අමුතුවෙන් කිව යුතු නොවේ. වෙස්සන්තර ජාතකය, යසෝදරාවත,ආදී කෘති සංවේගයෙන් පුන පුනා කියවිය හැකි විශිෂ්ට කව්යෝ වෙති.'' ( නානායක්කාර ,1998, 3 පිටුව) ජන කවියට අනන්‍ය වූ භාෂා රටාවක් ඇත. පොදු ජන වහරට නෑකම් කියන භාෂා රටාවකින් සකස් ඇති ජන කවිය තුළ ස්වාධීන ප්‍රකාශ ශක්තියක් ඇත. සරල සුගම නමයශීලී බව මෙහි විශේෂ ලක්ෂණයකි. ජන සංගීතය පාදක නිර්මාණකරණයේ දී භාෂාවේ අනන්‍යතාවය රැකෙන පරිදි සිදු කල යුතුය. මේ අනුව ජන සංගීත පාදක නිර්මානකරණයේ දී ජන කවියට සුවිශේෂී වූ...
- Get link
- X
- Other Apps
ලංකාවේ ජන ගී යටතේ සේ ගී මොනවද යන්න විමසා බලමු................ සේ ගී ..... සේ ගී යනු වේක (පණ්ඩිත ) යන වචනයෙන් බිදී ආවකි.මෙම පණ්ඩිතයන් හෙවත් උගතුන් විසින් ප්‍රබන්ධ කරන ලද ගීත සේ ගී නමින් හදුන්වයි. ගැමි ගීය නුඋගත් එහෙත් බුද්ධිමත් ගැමියන් අතින් බිහි වුවද සේ ගී අද්‍යාපනයක් ලත් උගතුන් විසින් ගීත යැයි රචිත විග්‍රහ කිරීම උචිතය. මේවා ගැමි ගී මෙන් සරල නොවේ. සංස්කෘත, තෙලිගු, උර්දු වැනි විවිධ භාෂාවන්ගෙන් ද සේ ගී රචනා වී ඇත. සිවු පද විරිත ම පමණක් නොව වෙනත් විරිත් ද එලිසමයන් හා ඇසුරු කොටගත් මෙම ගීත විශේෂ ව්‍යාකරනුකුලව සකස් කර ඇත්තේය. උගතුන් එදා අද්‍යාපනය ලබා ඇත්තේ පන්සල් ඇසුරිනි. එම ගැමි ගීය ගැයූ වලට වඩා අනුපරාස රැස, එලිසම රැකීම, වචනයන්හි ගැබුරු බව ආදියෙන් මේවා පරිපුර්ණ ය. සේ ගී සොළොස් මත් සේ ගී, දස මත් සේ ගී, දස අටමත් සේ ගී, විසි මත් සේ ගී, විසි හතර මත් සේ ගී ආදී වශයෙන් ගීතයේ යෙදෙන මාත්‍රා ගණන් අනුව නම් කර දැක්විය හැක. සේ ගී යටතේ , ප්‍රශස්ති, වන්නම්, වැලපුම්, සංදේශ ගී, ගුත්තිලය වැනි පදය විරිදු පෙන්වා දිය හැකිය. මෙවා උගතුන් විසින් ඔව...