ජන සංගීතයේ ආරම්භය පිළිබඳ සාමාජීය මත විමසුම.........

“ගැමියාගේ දෛනික ජීවන රටාව හැඩ ගැසුනේ රිද්මයානුකූල ව තුරුලතා හා සතා සිවු පාවුන් ඇසුරු කළ ගැමියාගේ සංකල්පනා තුළ අවිඥානික ව සොබා දහමේ රිද්මය ලැගුම් ගෙන තිබුණි.මානව වර්ගයාගේ සංගීතයෙහි සම්භාවය සිදු වූයේ ඔවුන් ඇසුරු කළ සොබාදහමේ රිද්මය පදනම් කොට ගෙනය.”
                                                                                 ( බැද්දගේ’,2015,20 පිටුව)
මෙහීදී අපේ සිංහල ජන කවිය හා එදා ජන ජීවිතය වෙන් කළ නොහැකි පරිදි එකිනෙක දැඩිව බැදී් පවතින බවයි.
“ජන කවිය ඈත මිහිපිට සිංහල ජාතිය ආරම්භ වන්නට පෙර සිටම මේ රටේ පවතින්නට ඇත.”
                                                                                     (රත්නපාල,1995,70 පිටුව)
මානව පරිණාමයේ ආරම්භයත් සමගම ජන කවිය ආරම්භ වී ඇති බව මෙයින් පෙනී යන්නේය.
“ගැමියන් අතර එදිනෙදා බස් වහරේ පැවිති කලා විලාසය දෙවියන් යකුන් ඇදහීම සඳහා ප්‍රමාණවත් නොවීය.එබැවින් දෙවියන් යකුන් කන්නලව් කරේ සිත් පිනවන ආකාරයෙනි.රිද්මයානුකූල ව හසුර වන ලද කන්නලව් හා යාදිනී,භාවිතයට පත් වූයේ භාවාත්මක වූත්,භක්තිපූර්වක වූත් ගායනා ලෙසිනි. එසේ රිද්මයානූකුලව නිර්මාණය වී හඬ උස් පහත් කරමින් ගැමියන් විසින් ගායනා ලද කියමන් විලාසය,නාද වර්ණ සංයෝගයෙන් විචිත්‍රවත් වී එමඟින් ගායන ශෛලයක් නිර්මාණය විය. ගැමියා බවට පත් වූයේ එසේ ගැමියන්ට ආවේණික වූ ගායන ශෛලයක් ව්‍යවහාරයට පත් වූ භාව ප්‍රකාශනයයි.”
                                                                                       (බැද්දගේ,2015,20 පිටුව)
“ආදිතම ජනයාගේ සංගීතය ගැන කතා කරද්දී ජන ආගම් ඔස්සේ ජන ගායනා (ධර්කකහ ජය්බඑැා ිදමබාි) ඒ ගණයට වැටේ.ඒ වගේම පුරාණතම වෘත්තීන් ඔස්සේත් ජන ගායනා බිහිව ඇති බව පැහිදිලි වේ.”
                                                                                (බුලත්සිංහල,2000,83 පිටුව)
ජන කවිය සිංහල කාව්‍යාංශයේ දැනට සටහන් වී ඇති පැරිණිතම කවිය වන අතර ඒ පිළිබඳව සාහිත්‍ය ලේඛනයන්හි අන්තර්ගත වී ඇත.නමුත් ඒවා ලෙඛනගත වීමට ( ලියවෙන්නට) ප්‍රථම මුඛ පරම්පරාවෙන් පැවත එන්නට ඇතැයි අදහස් කෙරේ.
“ඇතැම් ජන කවි දක්නට ලැබෙන කරුණු සලකා බලන කළ ඒවා මහනුවර අවධියටත් ඈත කාලයකට අයත් වන බව කීව හැකි අතර,ඇතැම් ඒවායේ ඉතිහාසය දහනම වන ශත වර්ශයේ අඟ භාගයට වඩා ඈතට නොයෙන බව නිර්වචනය කළ හැක.”
                                                                                      (ජන ගිී මිහිර,1986,20 පිටුව)
“මහනුවර යුගය ආරම්භවෙත්ම සම්භාව්‍ය සාහිත්‍යයේ පිරිහීම ආරම්භ වී ජන කවිය පෙරට ආ බව විද්වතුන්ගේ අදහසයි.දෙවන රාජසිංහ,රාජාධිරාඩසිංහ වැනි රජවරුන් ජන කවි ආශ්‍රය කළ බව සඳහන් වේ.”
                                                                                                                                      (සුනිල්.ආර්.ගමගේ,16 පිටුව)
      මහනුවර යුගයේ බොහෝ විදග්දයින් වන්නම්,ප්‍රශස්ති,හටන් කාව්‍ය සඳහා මේ යුගයේ දී අවධානය යොමු කරන ලදි. “කවිකාර මඬුව” ආශ්‍රිත ව සේ ගීයන් නිර්මාණය විය.මේවා ජන ගීය මෙන් මුඛ පරම්පරාවෙන් පැවත එන්නක් නොවේ.ග්‍රන්ථාරූඪ ආරම්භයේ සිටම සිදු විය.

ජන සංගීතය තුළ භාවිත වන දේශීය සංගීත භාණ්ඩ..........


     සිංහල ජන ගී ගායනය කවි රචනාවන්ගෙන් හෙබි තාල රිද්මයන් හා ආඝාතයන් තොර වූ ගායන විලාසයන්ව ලෙස දැක්විය හැකිය.ජන කවි රචනා ද රිද්මයෙන් තොර ගැමියාගේ සිතැඟි පරිදි ඇඳ පැඳ ලෙළවා ගයනු ලබන පැල් ගී,ගැල් ගී,පාරු ගී, ආදිය තුළින් මෙය සනාත වේ. රිද්මයෙන් තොරව ඇඳ පැඳ ලෙළවා ගාවනා කිරීම නිසා තාල වාද්‍ය භාණ්ඩයක අවශ්‍යතාවය නොදැණුනි. කවි ගායනායවල ඇති සීමිත ස්වර විස්තාරය නිසා ස්වර භාණ්ඩටන් හා අනුගත වීමේ අවශ්‍යතාවක් දේශිය භාණ්ඩ නිර්මාණය කෙරෙහි බලපානු ඇතැයි සිතිය හැකිය.
   
 “හොරණෑව සිංහල ස්වර වාද්‍ය භාණ්ඩයන් වශයෙන් සැලකිය හැකි නමුත් එය තම්මැට්ටම දවුල් ආදිය හේවිසි වාද්‍ය සමඟ මිස ජන ගී ගායනය සමඟ සංගත වන්නක් යැයි කිව නොහැකිය. බටනලාව නොහොත් වස්ඳඩු ගායනය සමඟ සංගත වන අවස්තාවන් පිළිබඳ සඳහනක් සොයා ගැනීම දුෂ්කරය. කෙසේ වුවද ගොයම් කැපුම් ගී හා රබන් ගී සමඟ අනුගතව පවත්නා බුම්මැඬිය හා රබාන උඩැක්කිය ද සිංහල දේශීය වාද්‍ය භාණ්ඩ අතර වෙයි. මෙම වාද්‍ය ප්‍රභේද ස්වර වාද්‍ය භාණ්ඩ ගණයට නොව තාල වාද්‍ය භාණ්ඩ ගණයට ඇතුළත් වන බව මෙහිලා සඳහන් කළ මනාය. ”
                                                                                         (පෙරේරා,1986,38 පිටුව)
   මේ අනුව සිංහල ජන ගී සම්ප්‍රදාය දේශිය වාද්‍ය භාණ්ඩයන්ගෙන් මුළුමනින් ම තොරව යැයි කිව නොහැක.
  සිංහල සංගීතයක් ගොඩ නඟා ගැනීම ගැන කතා කරන විට අපේ සාම්ප්‍රදායික වාද්‍ය භාණ්ඩ දියුණු කිරීම පිළිබඳ ව අත් හදා බැලීම් කළ යුතු වෙයි. අපේ විවිධ බෙර වර්ල පිළිඩඳ අත්හදා බැලීම් කිරීමෙන් සංකීර්ණ වූ වෘන්ද වාදනයකට වුනද යොසා ගැනීම අපහසු නොව්. කාලයක් යනතුරු පෙර අපර දෙදිග ම සම්භාවිත වාද්‍ය භාණ්ඩයන් උචිත ආකාරයෙන් අපටද භාවිතයට ගැනීමට සිදු වෙයි.”
                                                                                      (අමරදේව,1989,75 පිටුව)

    මේ අනුව ජන සංගීතය සඳහා දේශිය සංගීත භාණ්ඩ ඇසුරු කර ගන්නා ආකාරය දැකිය හැකි වන්නේය.මෙම දේශීය සංගීත භාණ්ඩ පංචතූර්යය වාද්‍ය භාණ්ඩ ලෙස දැක්විය හැකි වන්නේය. පංද තූර්යය වාද්‍ය යනු,ආතත,විතත,විතතාතත,ඝන,සුෂිර ලෙස වර්ග කළ හැකිය.
ආතත - අතින් පමණක් වාදනය කිරීම.
         උදා: අත් රබාන
විතත  - කඬිප්පුවෙන් (උපකරණයකින්)  වාදනය කිරීම.
         උදා: තම්මැට්ටම
විතතාතත - අත හා කඬිප්පුවෙන් වාදනය කිරීම.
             උදා: දවුල
ඝන       - ලෝහ,ලී වැනි ඝන ද්‍රව්‍ය ගැටීමෙන් වාදනය කිරීම.
             උදා: තාලම්පට
සුෂිර      - වාතය මඟින් වාදනය කිරීම.
             උදා: හොරණෑව
   










  

Comments

Popular posts from this blog