ලංකාවේ ජන ගී යටතේ සේ ගී මොනවද යන්න විමසා බලමු................
සේ ගී .....
සේ ගී යනු වේක (පණ්ඩිත ) යන වචනයෙන් බිදී ආවකි.මෙම පණ්ඩිතයන් හෙවත් උගතුන් විසින් ප්‍රබන්ධ කරන ලද ගීත සේ ගී නමින් හදුන්වයි. ගැමි ගීය නුඋගත් එහෙත් බුද්ධිමත් ගැමියන් අතින් බිහි වුවද සේ ගී අද්‍යාපනයක් ලත් උගතුන් විසින් ගීත යැයි රචිත විග්‍රහ කිරීම උචිතය. මේවා ගැමි ගී මෙන් සරල නොවේ. සංස්කෘත, තෙලිගු, උර්දු වැනි විවිධ භාෂාවන්ගෙන් ද සේ ගී රචනා වී ඇත. සිවු පද විරිත ම පමණක් නොව වෙනත් විරිත් ද එලිසමයන් හා ඇසුරු කොටගත් මෙම ගීත විශේෂ ව්‍යාකරනුකුලව සකස් කර ඇත්තේය.
උගතුන් එදා අද්‍යාපනය ලබා ඇත්තේ පන්සල් ඇසුරිනි. එම ගැමි ගීය ගැයූ වලට වඩා අනුපරාස රැස, එලිසම රැකීම, වචනයන්හි ගැබුරු බව ආදියෙන් මේවා පරිපුර්ණ ය. සේ ගී සොළොස් මත් සේ ගී, දස මත් සේ ගී, දස අටමත් සේ ගී, විසි මත් සේ ගී, විසි හතර මත් සේ ගී ආදී වශයෙන් ගීතයේ යෙදෙන මාත්‍රා ගණන් අනුව නම් කර දැක්විය හැක.
සේ ගී යටතේ ,
ප්‍රශස්ති, වන්නම්, වැලපුම්, සංදේශ ගී, ගුත්තිලය වැනි පදය විරිදු පෙන්වා දිය හැකිය. මෙවා උගතුන් විසින් ඔවුන් අතින්ම බැදුණු පත් පොතේ සටහන්ව ඇත්තේය. කාව්‍යකරණයට අනුකුලව සැකසුනු අතර කාව්‍යලංකාරයන්ගෙන්ද සමන්විත වේ. එහෙයින් බැස උගත් සේ ගී විශේෂයෙන් රස විදිනු සිරිතකි.
ප්‍රශස්ති
යම් පුද්ගලයෙකුගේ ගුණ වර්ණනාව ප්‍රසංසා ලෙස ගැයෙනම් එය ප්‍රශස්ති ගීත වේ. මහනුවර යුගයට අයත් රජ වාසල හා සම්බන්ධ වූ කවිකාර මඩුවේ හෝ රජ සභාවේ මේ ගීත ගයන්නට ඇත. ප්‍රශස්ති ගායනය කරන්නන් වන්දිභට්ටයන් ලෙස හදුන්වයි.
රාජ වාසල ආශ්‍රිතව නිර්මාණය වූ ප්‍රශස්ති කාව්‍ය විශාලය. එදා රාජ සභාවේ සජීවී ලෙස ගායනා කළ බවද කියවේ. රාජ සභාවේ ප්‍රශස්ති ගායනා කිරීම සදහා වෙන වෙන ම ගායක කණ්ඩායමක් සිටි බවට සාධක ඇත. ප්‍රශස්ති වාදී වශයෙන් නිර්මාණය වුයේ කෝට්ටේ ,මහනුවර් යුගයේදී ය. මේ නිසා රාජ වාසලේ සංස්කෘතිය ද්‍රවිඩ ආභාෂය ලැබූ නිසා මෙම ගීත සදහා කර්ණාටික සංගීතයේ ආභාෂය ලබා ඇති බව කිව හැකිය .
හටන් ගී
අතීතයේ ශ්‍රී ලංකාවේ පැවති නොයෙකුත් සටන් සම්බන්ධයෙන් ලියවී ඇති කවි හටන් ගී නමින් හදුන්වනු ලබයි. පරංගි හටන, ලන්දේසි හටන, ඉංග්‍රීසි හටන, එළාර හටන, ආදිය පිලිබදව අතීත කවීන් කළ කාව්‍ය රචනා හටන් ගී නමින් සිංහල සාහිත්‍යට එකතු වී ඇත. අතීත ගැමියෝ රාත්‍රියට තම නිවෙස්වලට එක් රොක් වී අකුරු දන්නා කෙනෙකු ලවා මෙම හටන් කාව්‍ය කියවා අසා රස වින්දෝ වුහ. ප්‍රභූවරුන් හට තම නිලයේ පමණට ගායක කණ්ඩායමක් තබා ගැනීමේ අවසර රජු විසින් දෙන ලදී.
සිංහල කාව්‍ය අතර ඉංග්‍රීසි හටන, පරංගි හටන, වඩුග හටන, දුනුවිල හටන, වෙල්ලස්සේ හටන ආදී කාව්‍ය ග්‍රන්ථ දක්නට ලැබේ. සාමාන්‍ය ජනයාද අසා රස විදීමේ පරමාර්ථය පෙරදැරි කරගෙන ලියන ලද මෙම කාව්‍ය රචනා බොහෝ විට සරල භාෂා ශෛලයකින් රචන්න වී ඇත.
වැළපුම් ගී
ශෝකාත්මක අවස්ථාවන්හි දී ශෝකය විදහා දැක්වීම සදහා මේවා අතීතයේ සිට භාවිතා කර ඇත. වැලපුම් ගී ආඝාතාත්මක මෙන්ම අනාඝාතාත්මක ව දැක්විය හැක. වැලපුම් ගීවල එය විශේෂත්වයකි. මෙම ගීත සදහා බෙහෙවින් මැ නිශ්ශබ්ධ යති සහිත පද යොදා ගන්න ලදී. එසේ යොදා ගන්න ලද වලපුමේදී ඇතිවෙන ඉකිගසීමට අවශ්‍ය ඉඩකඩ එහිදී ලබා ගත හැකි නිසාය. මෙම ගේ විශේෂය ඇතුලත් කාව්‍ය වශයෙන් වෙස්සන්තර ජාතක කාව්‍යය, යසෝදරා වත හා සදකිදුරු දාවත හැදින්වුව හැකිය.
වන්නම්
ලංකාවේ වන්නම් උඩරට, පහතරට, සබරගමු වශයෙන් ප්‍රබේධ ත්‍රිත්වයකින් සමන්විත වන්නේ ය.වන්නම් ගණන 24 ක් ලෙස භාවිත වුව ද පසු කාලීනව භාවිතයේ පවතින සබරගමු වන්නම් ගණන ප්‍රධාන වශයෙන් 28 ක් ද ඇති බවට දන ගත යුතුය. මුල් කාලයේ සබරගමු සම්ප්‍රධායට අයත් 18 ක් පමණ යන්න පිළිගත් මතකයකි.
උඩරට වන්නම් 18 වෙනි ශත වර්ෂයේ මහනුවර යුගයේ දී ශ්‍රී ලංකාවේ උඩරට, පහතරට, සබරගමු යන නර්තන සම්ප්‍රදායන් තුනේම දක්නට ලැබේ. එහෙත් වන්නම් යන පදය ශ්‍රවනය වෙත්ම බොහෝ දෙනාගේ මතක වන්නේ උඩරට වන්නම් 18 පිලිබදවයි. නමුත් උඩරට වන්නම් 18 ක් ද පහතරට වන්නම් 32 ක් ද මහනුවර සමයේ රාජ මාලිගයේ කවිකාර මඩුවෙන් උපන් බවට බොහෝ දෙනාගේ පිළිගැනීමකි.නමුත් වන්නම් පහතරටින් උපන් බවට තවත් මත ඇත.
වන්නම් උපත
වන්නම් දකුණු ඉන්දියාවේ ''නාග පට්ටනම'' නම් ස්ථානයේ ගණිතාලංකාර නම් සංගීතඥයා විසින් කෘතියක් ආශ්‍රයෙන් නිර්මාණය කල බව ඇතැමෙකුගේ අදහසයි. ගණිතාලංකාර නම් පුද්ගලයාට පැදුරු පාක්කුඩම් යවා ලංකාවට ගෙන්වා ගත්තා යැයි කියන ''නෙර්තමාලය'' නම් කෘතිය ආශ්‍රයෙන් මල්වතු පාර්ශවයේ භික්ෂු නමක් සහ තවත් ය විසින් ''වාදාන්කුස රත්නාමලය'' නම් කෘතිය රචනා කල බවද එහි මේ හා සම්බන්ධව බොහෝ විස්තර අන්තර්ගත බවද උඩරට පාරම්පරික ශිල්පීන්ගේ අදහස වේ.
උඩරට නර්තන සම්ප්‍රදායේ වන්නම් බිහිවීමට කර්ණාටක ''වර්ණම්'' නමැති නාට්‍යාංගය මූලාශ්‍ර වූ බවත්,ආරම්භයේ මෙරට පැවතියේ වන්නම් පහක් බවත් පසුව එය හා දහ අට දක්වා වර්ධනය වූ බවත් යන්න අයගේ අදහසයි.
උඩරට සම්ප්‍රදායට අයත් වන්නම් දහ අට ලෙස එස්.එල.වී.කපුකොටුව මහතාත්,ජේ.ඊ.සේදරමන් මහතාත් දක්වන්නේ එක හා සමාන නාම ඇති වන්නම්ය.
1. ගාහක 6. විරෝඩි 11. ගජගා 16. සුරපති
2. උරගා 7. හනුමා 12. තුරගා 17. ගණපති
3. සැවුලා 8. නෛඅඩි 13. කිරලා 18. උදාර
4. මුසලඩි 9. මයුරා 14. අසදෘස
5. උකුසා 10. සිංහරාජ 15. ඊරඩි
ආරම්භයේ දී ගායනයට පමණක් සීමා වී පවතී බව පෙනෙන වන්නම් කල්යාමේ දී නර්තන ශිපීන් විසින් ඊට බෙර පද, නැටුම්, කස්තිරම්, සීරු මාරු, අඩව් ආදිය යොදා ප්‍රති නිර්මාණය කළහ.

this artice very useful
ReplyDeleteoh yes.thnku 4 ur cooperation.
Deleteඉතා වටිනා උත්සාහයක්..ජය
ReplyDelete