නිර්මානාත්මක සිංහල ගීතයන් නිර්මාණය කෙරෙහි බලපාන ලද ජන සංගීතය.........
ගීතයක පරමාර්ථය වන්නේ කිසියම් රසයක් නිපැයීම යි. එම නිශ්චිත රසය නිපැයීම උදෙසා, උපයෝගී කරගනු ලබන උපක්‍රම මත ගීතයේ විවිධත්වය ප්‍රකට කෙරේ. ගීතය ගැයිය යුතු වන්නේ උස් හඩින් ද, පහත හඩින් ද එසේත් නැතහොත් මද්‍යස්ථ හඩින් ද යන යෝග්‍යතාව අනුව පාදක ස්වරය පිහිටුවා ගත යුතු වේ. එම යෝග්‍යතාව අනුව සප්තකයේ ඕනෑම ස්වරයක් පාදක ස්වරය විය හැක.
පාදක ස්වරය ඇසුරු කොටගත් සීමාවක් තුල ගීතයේ මුල් කොටස අවධාරණය කරනු ලැබේ. එය ගීතයේ පළමුවැනි කොටසයි. දෙවන කොටස පළමුවැනි කොටසට අනුරුප වන නාද රටා ඇසුරු වෙමින් පර්යාය වශයෙන් සිටී. තුන්වැනි කොටසක්, සහ අවශ්‍ය වේ නම් හතරවෙනි කොටසක් වුවද, තවත් හැඩවලින් යුත් නාද රටා ඇසුරු කොටගත්, නාද රටාවලින් යුක්ත විය හැකිය. ඒවා මුල් කොටස්වලට සහය වශයෙන් ඈදා ගනු ලබන හෙයින් සන්ධාන කොටස් වශයෙන් සිටී. මී අයුරින් නිමවෙන මුළු ගීතය පුරාම අපේක්ෂිත රස භාවයන් මතුකරමින් අවශ්‍ය තැන නැවතීම්, ඇදීම්, බිදීම්, ලේලවීම් සහිතව, නිදහස්ව සිංහල ශෛලීන් ගායනා කිරීම, ගායන ශිල්පියාගේ කාර්යය යි.
මේ අනුව රෝහණ බැද්දයන් විසින් ගායන කරන ලද '' මල්සරා බැල්ම හෙළා '' ගීතයෙහි ජන සංගීතය බලපා ඇති ආකාරය,
කිසියම් ජන ගීතයක නාද රටාවක් සිතෙහි රදවා ගෙන එම නාද රටා සංවර්ධනය කිරීමට උත්සාහ ගැනීමක් මෙම ගීතය නිර්මාණයේ දී සිදුවී නැත. එහෙත් හොදින් විමසා බැලුවොත් මෙහි එන සෑම කොටසකම පාරම්පරික සිංහල ජන ගී ක්ෂේත්‍රයෙ හි විවිධ තැන්වලින් සිතට නැගුනු නාද රටා මෙහි ඇතුළත් වන බව පෙනී යනු ඇත.
පළමු වන කොටස ....
(1) ග - ම ප - - / ප - ප ධ ප ධ / , / ම ම - ප ධ ප / ම - ම ප ම ග /
(2) ග - ම ප - - / ප - ප ධ ප ධ / , / ම ම - ධ ප ම / ම ම ම ම ම - /
පහතරට රබන් වාදන ශිල්පයෙහි එන රබන් පෙරලුම් සමග ගයෙන, '' පින්සරු මේ මහතුන් සිටිනා සබයට අප පිවිස'' යන රබන් ගීතයෙහි ඇත්තේ මෙම නාද රටාවන්ම ය. සද කිදුරු කවි නාඩගමෙහි කිදුරු නැටුමේ දී ,
තෙනෙන තෙනම්ද - තෙන තෙනෙනම් ද - - - - යන තානම සමග වරල නිලෙන් ද, සිකිපිල මෙන් ද - - - යනුවෙන් ගැයෙන ගීතයත්, දුනුවිල හටනෙහි එන '' බඹ විමනෙවූ දිසි දළදා මැදුරත '' යන ගීතයත්, තාල රුපයෙන් වෙනස් වුව ද, බොහෝ දුරට ගැයෙන්නේ මෙම නාද රටාවන්ට සමානව ය.
දෙවෙන කොටස ....
(1) ස ස / ස - ස නි ධ නි / ප - ප ධ ධ නි / ම ම ප ධ ප ධ / ප ම ම ප ප - /
(2) රි ම ම ම ම ම / ප ප ධ නි ධ ප / නි නි නි ධ ප ධ / ප ප ම ම ම - /
''වරළස නිල පැහැයෙන් ද '' යන එරන්දති වර්නනාවෙහි එන කවි පන්තිය ගැයෙන්නේ ද මෙහි පළමු පාදයෙහි දැක්වෙන නාද රටාවම මාත්‍රා තුන, හතර වශයෙන් බෙදෙන ( මැදුම් මහා දෙතිතට යෙදෙන ) තාල රුපයට අනුව ය.ප්‍රශස්ති ගයනවල ද ආත්ම විට මෙම ආරම්භය දක්නට් ලැබේ.
පළමු පාදයේ නාද රටාව,'' රන් දෑකැති ගෙන '' යන ගොයම් කැපීමේ ගීතය හි ද දැක්වේ. මෙහි දෙවන පාදයේ නාද රටාව, මාත්‍රා හතරෙන් හතරට බෙදෙන තාල රූප සහිතව ගණපති සවුදම ගායනයේ දී ද අසන්නට ලැබේ.
සතරවන කොටස .....
(1) / නි - නි නි ධ නි / ස ස ස ස රි ස / /නි නි නි - ස ස / රි ස නි ස නි ධ /
(2) / ධ - ධ ධ ධ ධ / නි නි නි ස ස ග /
/රි රි ස රි ස නි / නි නි නි නි නි -/
(3) /ග - ග ග ග ග / ම ම ම ප ප නි /
/ ධ ධ ප ධ ප ප / ම - ධ ප ම ග /
මෙහි පළමු හා දෙවන පෙළෙහි එන නාද රටා ශාන්තිකර්ම ගීත ගායනේ අසන්නන්ට ලැබෙන ප්‍රචලිත තැනුවක දක්නට ලැබේ. සොකරි නාඩගමේ එන ගීත ගායනය ද බොහෝ විට මෙම නාද රටා ඇසුරු කර ගනී.
තුන්වන පාදය දෙවන පාදයට අනුරූපව යෙ දී ඇති අතර අවසාන විභාගයේ නාද රුප වලින් නැවත ගීතයේ පළමුවන නාද රටාවැ වෙත යොමු කරයි. තැනුවේ නාද රටාවන්ට් ගැළපෙන පරිද ආරම්භක සහ අතුරු වාදනවලින් ගීතය වඩාත් අලංකාර කර ගත හැකිවේ.
සිංහල ජන ගීත ක්ෂේත්‍රයෙහි එන විවිධ නාද රට හදුනා ගත් පසු, තෝරා ගත් නාද තරංග ඇසුරින් මෙසේ අවධාරණ පර්යාය සන්ධාන යන සංයුති තුල එකිනෙකට ගැළපෙන සේ නාද රූප සංයෝග කොට නාද රට හසුරුවමින් ආරම්භක සහ අතුරු වාදන සහිතව ස්වාධීන වූ සිංහල සංගීත ශෛලින් ගී තනු හෝ වෙනත් සංගීත ප්‍රකාෂන හෝ නිර්මාණය කර ගැනීම අපහසු නොවනු ඇත.
when we listen to the music we feel we are breathing...
ReplyDeletehi hi thnku....
Delete