ජන ගීය ආශ්‍රිත පද නිර්මාණය.........
ගීතයක ස්වරූපය මතුවීමේ දී ගී පද රචකයා පද රචකයාගේ පද සංයෝජනය,ර්රෙතිය,ආකෘතිය හා පරිකල්පන ශක්තිය එක සේ බලපායි. සම්භාව්‍ය කාව්‍ය රචනාවන්, උපමා අලංකාර යෝජනයේ දී අනෙකුත් සාහිත්‍යවල පිහිට පැතුවේ නැත. ඔවුහු නිතරම දේශීය සම්ප්‍රද්දය ඉස්මතු වන ලෙස පද ප්‍රබන්ධ කළහ.
'' ජන කවි වශයෙන් හදුන්වනු ලබන අපේ පද්‍ය කාව්‍ය සමුහය ද දේශීය සම්ප්‍රදාය ගරු කරමින් රචිත බව අමුතුවෙන් කිව යුතු නොවේ. වෙස්සන්තර ජාතකය, යසෝදරාවත,ආදී කෘති සංවේගයෙන් පුන පුනා කියවිය හැකි විශිෂ්ට කව්යෝ වෙති.'' ( නානායක්කාර ,1998, 3 පිටුව)
ජන කවියට අනන්‍ය වූ භාෂා රටාවක් ඇත. පොදු ජන වහරට නෑකම් කියන භාෂා රටාවකින් සකස් ඇති ජන කවිය තුළ ස්වාධීන ප්‍රකාශ ශක්තියක් ඇත. සරල සුගම නමයශීලී බව මෙහි විශේෂ ලක්ෂණයකි. ජන සංගීතය පාදක නිර්මාණකරණයේ දී භාෂාවේ අනන්‍යතාවය රැකෙන පරිදි සිදු කල යුතුය. මේ අනුව ජන සංගීත පාදක නිර්මානකරණයේ දී ජන කවියට සුවිශේෂී වූ භාෂා රටාව පිලිබදව අවබෝධයක් ලබාගෙන ඒ අනුව නිර්මාණකරණයේ දී යෙදිය යුතුය. එසේ නොමැතිනම එහි සාම්ප්‍රධායකත්වයට හානි මතු වීමට ඉඩ ඇත. නූතන කවීන්ට ආභාසය ගෙන දුන් බලවේග රැසක් සිංහල කාව්‍ය වංශය දිග හැර බලන්නෙකුට පෙනේ. මේ අතරින් ඉතා වැදගත් මාර්ගයක් ලෙස සිංහල ජන ගීය.ඇත්ත වශයෙන්ම කොළඹ යුගයේ සාර්ථක කවීන් බොහෝ දෙනෙකුට ජන ගී ආරෙන් මහත් ප්‍රතිපල ලැබී ඇත.මෙසේ ආභාසය ගත කවීන ලෙස ජී.එච්.පෙරේරා, ජී.බී අල්විස් පෙරේරා, ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ, මඩවල එස්.රත්නා ගුණදාස අමරසේකර, ආදීහු වෙති. චිරන්තන් සාහිතයේ හා ජන සාහිතයේ ඇසුර ලබමින් ගේය කාව්‍ය රචනයේ යෙදුනු මෑත කාලීන ශිල්පීන් ලෙස ධර්මසිරි ගමගේ, සුනිල් ආරියරත්න, අජන්ත රණසිංහ, රත්න ශ්‍රී විජේසිංහ, රෝහණ බැද්දගේ ආදී ගී පද රචකයින් දැක්විය හැකිය. මෙහිදී වැඩි දෙනෙකුගේ ආභාසය ලැබී ඇත්තේ ජන කවි බැස, උපමා රූපක,විරිත් ආදී අංග අතිනි. එහෙත් ධ්වනිපුර්ණ බස ජන කවීයේ ඉතා වැදගත් ලක්ෂණයකි. හැගීම් ආභාසයෙන් ඇති කරගෙන ගී ලිවීමට වැඩ තම ජීවිතයේදී ලැබූ අත්දැකීම් උපයෝගී කොටගෙන රචිත ගී හෙයින් ඔවුන්ගේ අත්දැකීම් පල කිරීමට උචිත පද මාලාව ඉබේම මෙන් ජන කවිය තුලින් මතු වේ.
ජන කවියා කවි තනන විට නිරායාසයෙන්ම එළිවැට යෙදුනි. ඒ සදහා අමුතු උත්සහයක් ගත්තේ නැත. එළිසමය යෙදීමෙන් ශබ්ධ රසය උද්දීපනය කර ඇති අරුතට කිසුදු හානියක් සිදු නොවී නැත. සමස්තයක් ලෙස ගත් කළ ජන කවියේ හතරෙන් තුන් පංගුවකට වැඩ මෙසේ එළිසමය මගින් අක්ලන්කාර යොදාගෙන ඇත.
''මල පොතේ අකුරු නොදන්නවුන්ගේ මුවින් පවා මුල මද අග ඇතැම් විට මැදදී එළිසමය සහිත හිටිවනම කවි කියවී තිබේ. ඒවා ඉබේම කියා වුනා මිසක සැලසුමක් ඇතිව නිර්මාණය වූ ඒවා නොවේ.'' ( කවිරාජ, 2007, 11 පිටුව)
අමරදේවයන් ගයන මඩවලගේ ගීතයක් වූ,
බඹරෙකු ආවයි නිරිත දිගේයා
හද පෑරුවයි මියුරු රුසේයා
මල් පර වුවයි සෝකෙන් බෝව
කදුළු ගැලුවයි එලෝ ගබේයා
යන ගීතය ජන කවියේ එන එළිසමය යොදාගෙන නිර්මාණය කරන ලද ගීතයකි.මඩවල සිංහල ගීතයේ ජන කවි ලකුණ ස්ථානය කල ගීත රචකයා යැයි හැදින්වීම වරදක් ඇති නොසිතේ.

Comments
Post a Comment